රුපියල් 10,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 10,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අධිකාරියේ සේවය කරනු ලබන විමර්ශන නිලධාරින් දෙදෙනෙකු 02.09 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු සේවය කරනු ලබන ජීවක හර්බල් පුද්ගලික සමාගමේ නිෂ්පාදනයක් වන ජීවක හඳුන්කූරු අසුරණයේ සඳහන් කර ඇති මිල වෙනස් කිරීම සම්බන්ධයෙන්, පොළොන්නරුව පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් වැටලීමක් සිදු කර ඇති අතර, ඉහත නිෂ්පාදන නඩු භාණ්ඩ වශයෙන් භාරගෙන, ඒ සඳහා ජීවක හර්බල් නමින් නඩු නොපවරා සිටීමටත්, පොළොන්නරුව ප්‍රදේශයේ වෙළඳසැල් වෙත මේ වන විට නිකුත් කර ඇති හඳුන්කූරු නිෂ්පාදන සඳහා නැවත නඩු නොපවරා සිටීම සඳහාත් ඉහත සැකකරුවන් විසින් එම රු.10,000 ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී, පොළොන්නරුව නව නගරයේ මහජන බැංකුව ඉදිරිපිට දී අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search