රුපියල් ලක්‍ෂ 3 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් ගුරුවරයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. ලක්‍ෂ 3 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ සේවය කරනු ලබන ගුරුවරයකු 2023.02.08 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරුගේ දරුවා කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ උසස් පෙළ කලා අංශයට ඇතුළත් කර ගැනීම සඳහා එහි අංශ ප්‍රධානි ලෙස කටයුතු කරන ඉහත සැකකරු විසින් එම රු.ලක්‍ෂ 3ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී, කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අතුරු මාර්ගයකදී අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search