රුපියල් 185,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බීට්ටු වන නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 185,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් තණමල්විල අඩවියේ, කතරගම ප්‍රදේශයේ සේවය කරනු ලබන බීට්ටු වන නිලධාරියකු 2023.02.15 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකාරිය පදිංචි ඉඩමට යාබද ඉඩම, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් බවට පොලිසිය වෙත වාර්තාවක් ලබා දීමට සහ එම ඉඩමේ පැමිණිලිකාරියට පදිංචි වීමට ඉඩ සලසා දෙන බව පවසා ඉහත සැකකරු විසින් රු.200,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර, ඉන් රු.15,000/- ක මුදලක් පළමුව ලබාගෙන ඇත. පසුව ඉතිරි රු.185,000/- ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී, පැමිණිලිකාරියගේ නිවස ඉදිරිපිට මාර්ගයේදී (ලුණුගම්වෙහෙර - කතරගම අඩි 100 පාරේ) අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search