රුපියල් 22,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 22,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ප්‍රාථමික ශ්‍රේණියේ අර්ධ ශිල්පියකු හා එම මුදල ලබා ගැනීමට ආධාර අනුබල දීම හේතුවෙන්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරන කාර්යාල කාර්ය සහයකයකු ද, ලොතරැයි අලෙවිකරුවෙකු හා එයාටෙල් සිම්පත් අලෙවිකරුවෙකු ද 2023.02.16 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය මගින් මාර්ගගත ක්‍රමය ඔස්සේ කලින් දිනයක් හා වේලාවක් වෙන් කර නොගෙන, එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම වෙනුවෙන්, අල්ලස් වශයෙන් රු.22,000/- ක මුදලක් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී එක් සැකකරුවකු වන ප්‍රාථමික ශ්‍රේණියේ අර්ධ ශිල්පියා බත්තරමුල්ල ලංකා බැංකුව ඉදිරිපිටදී හා කාර්යාල කාර්ය සහයක ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය තුළදී ද, අනෙක් සැකකරුවන් දෙදෙනා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search