රුපියල් 21,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මහරගම අපේක්‍ෂා රෝහලේ ඖෂධවේදියෙකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 21,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මහරගම අපේක්‍ෂා රෝහලේ සේවය කරනු ලබන ඖෂධවේදියකු 2023.02.15 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මහරගම අපේක්‍ෂා රෝහලට රජයෙන් ලබාදෙන ඖෂධ හා පරිත්‍යාග වශයෙන් ලැබෙන රෝහලේ හිඟ ඖෂධ, එම රෝහලේ සේවය කරනු ලබන ඖෂධවේදියකු වූ ඉහත සැකකරු විසින් පැමිනිලිකරු හට ලබා දීම වෙනුවෙන් අල්ලස් ලෙස රු.22,000/- ක මුදලක් ඉල්ලා ඇති අතර, ඉන් රු. 21,000/- මුදලක් ලබා ගැනීමේදී මහරගම රෝයල් ඉන්ස්ටිටියුට් පාසල අසලදී මෙලෙස අත්අඩංගුවට පත් විය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search