රුපියල් 200/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් කල්මුණේ බස් නැවතුම්පොළෙහි ස්ථාන භාර නිලධාරිවරයා අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 200/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් කල්මුණේ බස් නැවතුම්පොළෙහි ස්ථාන භාර නිලධාරිවරයා 2023.03.08 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කල්මුණේ පුද්ගලික බස් නැවතුම්පොළෙන් කල්මුණේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන අංක EP NB-4625 දරණ බස් රථයේ ධාවන සටහන් පත්‍රය අත්සන් කර දීමට හා කරදරයකින් තොරව බස් රථය ධාවනය කරවීමට අවශ්‍ය කටයුතු සලසා දීම වෙනුවෙන් සෑම දිනකම රු.200/- ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගන්නා ඉහත සැකකරු, 2023.03.08 වන අද දින ද, ඉහත පරිදි කටයුතු කර දීම සඳහා රු.200/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී, කල්මුණේ බස් නැවතුම්පොළෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search