රුපියල් 5000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 5000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකු 2023.03.20 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බැංකුවක් මගින් නිවාස ණයක් ලබා ගැනීමට අවශ්‍ය ණය උකස්කරය සහ අයිතිකරුගේ දේපළ බැංකුවට උකස් කළ බවට සනාථ කරන ලේඛනය, නුවරඑළිය දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරින් ලවා ලියාපදිංචි කරවා දීම වෙනුවෙන් රු. 10,000/- මුදලක් ඉල්ලා, එයින් රු.5000/- මුදලක් මුලින් ලබාගෙන ඇති අතර, ඉතිරි රු.5000/- මුදල ඉහත සැකකරු විසින් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ ආපනශාලාව තුළදී අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search