අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 50,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, තිඹිරිගස්යාය ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත බොරැල්ල - දකුණ වසමේ ග්රාම නිලධාරිවරිය 2023.03.23 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බොරැල්ල - දකුණ ග්රාම නිලධාරි වසමේ ඡන්ද හිමි නාම ලේඛනයට පැමිණිලිකරුගේ හා ඔහුගේ බිරිඳගේ නම් ඇතුළත් කරදීම සඳහා එම රු.50,000/- ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී, බොරැල්ල - දකුණ ග්රාම නිලධාරි කාර්යාලය තුළදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.