රු. 100,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් සපුගස්කන්ද පොලිසියට අනුයුක්ත පොලිස් පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 100,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, සපුගස්කන්ද පොලිසියට අනුයුක්ත පොලිස් පරීක්‍ෂකවරයකු 2023.06.02 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු කලමණාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරනු ලබන කඩවත පිහිටි ආරෝග්‍යා බියුටි හර්බල් ෆුට් ස්පා ආයතනයේ ව්‍යාපාර කටයුතු කරදරයකින් තොරව ඉදිරියට සිදුකර ගෙන යාමට හා එම ස්පා ආයතනයට ඉදිරියේදී නිත්‍යාණුකූලව කටයුතු නොකර පවත්වාගන යාමට අවශ්‍ය කටයුතු කඩවත පොලිසියේ පොලිස් පරීක්‍ෂකවරයකු මගින් සිදුකර දෙන බව පවසා රු.100,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී, රාගම - කඩවත මාර්ගයේ ටෙලිකොම් ආයතනය ඉදිරිපිටදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search