රුපියල් 100,000.00 (ලක්ෂයක) ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් දැලේ

අලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු 2023.06.05 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරු දීර්ඝ කාලයක සිට නිවසක් සාදා භුක්ති විඳින මල්ගමන්දෙනිය ප්‍රදේශයේ පිහිටි කුඹුරු ඉඩම් කොටස කුඹුරු ඉඩම් ලේඛනයෙන් ඉවත් කර, එය ගොඩ ඉඩමක් ලෙස නම්කර ඒ සඳහා ඉඩම් සහතිකයක් නිකුත් කිරීමට අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂි කර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරියකු සහ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියකු විසින් පැමිණිලිකරුගෙන් රුපියල් 100,000.00 (ලක්ෂයක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය තුලදී අත් අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search