රුපියල් 50,000.00 (පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් සූරියවැව ප්‍රදේශිය සභා ලේකම් අල්ලස් දැලේ. (පළාත් පාලන කොමසාරිස් කාර්යාලය - දකුණු පළාත)

අම්බලන්තොට, බැරගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් ඉල්ලීමේ හා ලබාගැනීමේ චෝදනාව මත සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම්වරයා 2023.06.07 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරු විසින් ඔහුගේ සහෝදරයාගේ නමින් සූරියවැව පොළ භූමිය 2020/2021 වසර සඳහා බදු පදනම මත ලබා ගැනීමෙන් පසුව, Covid - 19 ගෝලීය වසංගත තත්වය හේතුවෙන් එම පොළ පවත්වාගෙන යාමට නොහැකි වූ කාලයට අදාලව තැන්පත් කරන ලද මුදලට සහනයක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුව, සහනයක් සලසා දෙමින් තැන්පත් කරන ලද මුදලින් කොටසක් නැවත පැමිණිලිකරුට ලබාදීම සඳහා සූරියවැව ප්‍රාදේශිය සභාවේ ලේකම් විසින් අල්ලස් වශයෙන් මුලින් රුපියල් 100,000.00 (ලක්ෂයක)ක මුදලක් ඉල්ලා, එම මුදල රුපියල් 50,000.00 (පනස්දහසක්) දක්වා අඩුකර අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී සූරියවැව ප්‍රාදේශීය සභාව තුලදි අත් අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search