රුපියල් 10,000/- (දසදහස)ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ක්‍රියාත්මක සමස්ථ ලංකා මෝටර් සේවක වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් (ජ්‍යෙෂ්ඨ ඩිපෝ පරීක්ෂක) අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පොතුවිල් ඩිපෝවේ කොන්දොස්තරවරයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් ලෙස මුදල් ඉල්ලීමේ හා ලබා ගැනීමේ චෝදනාව මත සමස්ථ ලංකා මෝටර් සේවක වෘත්තීය සමිති ප්‍රධාන ලේකම් (ජ්‍යෙෂ්ඨ ඩිපෝ පරීක්ෂක) 2023.06.12 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

මධ්‍යම ගමනාගමන මණ්ඩලය තුළ ක්‍රියාත්මක සමස්ථ ලංකා මෝටර් සේවක සමිතියේ නැගෙනහිර පළාත් නියෝජිතයෙකු ලෙස රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා පූර්ණ කාලීනව පැමිණිලිකරුව රාජකාරියෙන් නිදහස් කර ඇති බැවින්, ඔහුගේ මාසික වැටුප නියමිත පරිදි ලබා ගැනීම සඳහා ඉහත වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් විසින් පැමිණිලිකරු මාසිකව නියමිත රාජකාරි කටයුතු සිදුකළ බවට ඔහුගේ නිර්දේශය සහිතව යොමු කළ යුතු ලිපිය සකස් කර, ඊට අදාළ නිර්දේශය ලබා දී පැමිණිලිකරු අනුයුක්ත ඩිපෝව වෙත යොමු කර මාසික වැටුප නිසි පරිදි ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම වෙනුවෙන් රු. 10,000/-ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේ දී පිටකොටුව මධ්‍යම ගමනාගමන මණ්ඩල බස් නැවතුම්පොළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search