රුපියල් 15000.00 (පහලොස්දහස)ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ශ්‍රී ලංගම කළුතර ප්‍රාදේශිය ධාවන කළමණාකරු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පානදුර ඩිපෝවේ රියදුරුවරයකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් ලෙස මුදල් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත ශ්‍රි ලංගම කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ ධාවන කළමනාකරු 2023.06.15 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරුව පානදුර ඩිපෝවෙන් පිටත මාර්ගයේ රියදුරු රාජකාරි යෙදවීම සඳහා රුපියල් 15,000.00 (පහලොස්දහස) ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී
පානදුර ශ්‍රී ලංගම ඩිපෝව පරිශ්‍රයේදී අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search