රුපියල් 400,000.00 (ලක්ෂ හතරක) මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් අවිස්සාවේල්ල නගර සභාවේ වැඩබලන ලේකම් සහ ආදායම් පරීක්ෂක අල්ලස් දැලේ

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අවිස්සාවේල්ල නගර සභාවේ වැඩබලන ලේකම් සහ ආදායම් පරීක්ෂකවරයා 2023.06.23 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරුගේ ව්‍යාපාරික හවුල්කාරියට හිමිවිය යුතු අවිස්සාවේල්ල බස් නැවතුම් පොලේ නව වෙළඳ සංකීර්ණයේ නැගෙනහිර A/09 දරණ කඩකාමරයේ උරුමය පවරාදීමටත් පැමිණිලිකාරියගෙන් පසු එම කඩකාමරයේ පසු උරුමය පැමිණිලිකරු වෙත පවරා දීමටත් යන රාජකාරී කටයුතු ඉක්මනින් කරදීම සදහා රුපියල් 400,000.00 (ලක්ෂ හතරක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී අවිස්සාවේල්ල නගර සභාව තුලදී අත් අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search