ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රමමුණි ඇතුළු තවත් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරයි....

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ ප්‍රියත් බන්දු වික්‍රමමුණි, බහාලුම් මෙහෙයුම් උපකරණ ක්‍රියාකරු ලෙස කටයුතු කළ ආර්.බී. සංජය කුමාර යන අයට සහ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ආර්. සී. ඩබ්ලිව්. එම්. නිහාල් කැප්පෙටිපොළ යන අයට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද දින කොළඹ මහාධිකරණයේ දී අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර ඇත.

වර්ෂ 2015 දී පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ යන අයට මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වරාය අධිකාරියේ සේවකයන් තුන්සිය දහනව දෙනෙකු (319) රාජකාරියෙන් පරිබාහිරව ක්‍රියාවේ යෙදවීම සහ ඔවුන්ට වරාය අධිකාරියේ මුදලින් වැටුප් සහ අතිකාල ගෙවීම වෙනුවෙන් ඉහත චූදිතයන්ට අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ මෙසේ චෝදනා ගොනු කර ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search