රුපියල් 10000.00 (දසදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් මරදාන පොලිස් ස්ථානයේ පරිසර අංශයේ ස්ථානාධිපති අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

දඹදෙනිය ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් ලෙස මුදල් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මරදාන පොලිස් ස්ථානයේ පරිසර අංශයේ ස්ථානාධිපති (උප පොලිස් පරීක්ෂක) 2023.07.20 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරු කුලියාපිටිය දිසා අධිකරණයේ රිය අනතුරක් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවට සාක්ෂි ලබාදීම සදහා ලබාගත හැකි ගමන් වියදම් මුදල වන රුපියල් 2000/- ක මුදලට අමතරව පැමිණිලිකරුට වාසි සහගතවන ආකාරයට අධිකරණයේදී සාක්ෂි ලබාදීම සදහා රුපියල් 10000/- (දසදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී කුලියාපිටිය දිසා අධිකරණය අසලදී අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search