රුපියල් 5,000/- (පන්දහසක)ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් තෙල්දෙනිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරයෙකු හා ඊට ආධාර අනුබල ලබා දුන් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත් අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලද පැමිණිල්ලකට අනුව සිදු කරන ලද වැටලීම් රාජකාරියේදී, අල්ලස් වශයෙන් මුදල් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත තෙල්දෙනිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරයෙකු හා ඒ සදහා ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු 2023.08.22 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අල්ලස් සිද්ධියේ පැමිණිලිකරු විසින් පදවන ලද ත්‍රිවීල් රථයෙන්, නීති විරෝධි මත්පැන් ප්‍රවාහනය කිරීමේ වරදට සහ එම නීති විරෝධි මත්පැන් වන කසිප්පු කරදරයකින් තොරව ඉදිරියේදී විකිණිමට ඉඩ සලසා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රු 10,000/- ක මුදලක් ඉල්ලා එයින් රු 5,000/- ක මුදලක් පළමුව ලබා ගෙන ඇති අතර, ඉතිරි රු 5,000/- ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී හා ඊට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත දිගන ප්‍රදේශයේ ධන නන්දන ලී මෝල ඉදිරිපිට ඇති තේ කඩය තුලදී ඉහත පොලිස් නිළධාරීන් දෙදෙනාව අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search