ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසෙන්පුර උප ඩිපෝවේ ස්ථානභාර නිලධාරි 2023.08.24 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින. දියසෙන්පුර උප ඩිපෝවේ කොන්දොස්තරවරයකු වන පැමිණිලිකරුට විරුද්ධව ඔහු විසින් සමරි ටිකට් මගීන්ට නිකුත් කිරීම සම්බන්ධව ගොනු කර ඇති චෝදනා පත්‍රයට අදාලව පවත්වනු ලබන විනය පරීක්ෂණයේදී උසස් නිලධාරීන් මගින් පැමිණිලිකරුට වාසි වන සේ අඩු දඩුවමක් ලැබෙන ආකාරයට විනය පරීක්ෂණය සිදු කිරීමට උදව් කිරීම හා සැකකරුගේ සාක්ෂිය පැමිණිලිකරුට වාසි වන සේ ලබා දීම සදහා සැකකරු විසින් මුලින් රුපියල් 20,000.00ක් (විසිදහසක්) අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන පසුව නැවත රුපියල් 60,000.00 (හැටදහසක) මුදලක් අල්ලස් වශයෙන් අයදින අවස්ථාවේදී හිගුරක්ගොඩ මැදිරිගිරිය මාර්ගයේ දිවුලන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 04 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු.10,000/-ක (රුපියල් දස දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 29 2025








