2025.08.26 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීම් දෙකක දී පහත පරිදි අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදි.
2025.08.26 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීම් දෙකක දී පහත පරිදි අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදි.
ජා-ඇල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව, ආඬිඅම්බලම, ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියෙකු සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහයකවරයෙකු රු.300,000/- ක අල්ලස් ඉල්ලා ලබාගැනීමේ දී ආඬිඅම්බලම, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.08.15 වන දන ප.ව.2.00ට පමණ අත්අඩංගුවට ගන්නා ලදි.
ඒකල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, 2025.08.06 වන දින පැමිණිලිකරු යතුරුපැදියෙන් නිවසට යන අවස්ථාවේ වසා තිබූ දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදිය ධාවනය කිරීම යන වරදට පැමිණිකරුව අධිකරණය වෙත ඉදිරිපත් නොකර සිටීමටත්, පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත් ලබාදීමටත්, රු.15,000/- (රුපියල් පහළොස්දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත ජා-ඇල පොලිස්ථානයේ රථවාහන අංශයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු 2025.08.23 වන දින ප.ව.5.35 ට පමණ ජා-ඇල පොලිස්ථානයේ රථවාහන අංශයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, රු.2,300/- (රුපියල් දෙදහස් තුන්සියය) ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන් මත කල්මුණේ කාර්ති උසාවියේ, කාර්ති විනිසුරුවරයෙකු සහ ඔහුගේ බිරිඳ 2025.08.18 වන දින ප.ව.5.56 සහ ප.ව.5.57 ට මරදමුනේ 03 ලිපිනයේ පිහිටි කාදියාර් කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි කොන්දොස්තරවරයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු සේවය කරනු ලබන පුද්ගලික බස් රථයේ ධාවන සටහන් පත්‍රය අත්සන් කර ධාවන වේලාවක් සකස් කර දීම සඳහා සහ නියමිත ගමන්වාර සියල්ල ලබා දීම සඳහා එක් ගමන් වාරයකට රු.200/- (රුපියල් දෙසීයක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, බොරැල්ල, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.08.12 වන දින පෙ.ව.9.47ට පමණ කඩුවෙල බස් නැවතුම් පොළේ දී අත්අඩංගුවට ගන්නා ලදී.
කන්දකැටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව කීර්තිබණ්ඩාරපුර පොලීස් ස්ථානයේ සැරයන්වරයෙකු රු. 10,000/- අල්ලස් ඉල්ලා ලබාගැනීමේදී කීර්තිබණ්ඩාරපුර හෝටලයක් තුළදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ විමර්ෂණ නිලධාරීන් විසින් 2025.08.05 දින පෙ.ව. 945 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.
ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, රුපියල් 40,000/-ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීමේ දී ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ රථ වාහන වරදක් සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රය භාරයට ගෙන ඒ සඳහා නීති මඟින් කටයුතු නොකර රියදුරු බලපත්‍රය ආපසු ලබා දීම සඳහා රු.3,000/-ක (රුපියල් තුන්දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත රද්දොළුගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු 2025.07.14 වන දින ප.ව.7.05ට පමණ රද්දොළුගම වෑත්තෑව මංසන්ධියේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, කෘමි නාශක, දිලීර නාශක සහ ශාක වර්ධනය සඳහා හෝමෝන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා එම නිෂ්පාදනය කරන පලිබෝධනාශක නියදී වශයෙන් ගෙන පරීක්ෂා කිරීම සඳහා නිවසට පැමිණීමට එම නිලධාරීන් පැමිණෙන වාහනයට ඉන්ධන ලබා ගැනීමට රු.10,000/- (රුපියල් දසදහසක) මුදලක් අල්ලස් වශයෙන් පැමිණිලිකරුගෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත පේරාදෙණිය පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරියෙකු සහ රියදුරෙකු 2025.07.03 වන දින ප.ව.1.30ට පමණ පැමිණිලිකරුගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
රාගම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, සැකකරුවන් විසින් 2025.07.07 වන දින පැමිණිලිකරු මත්කුඩු විකුණන බවට චෝදනා කර , නිවස පරීක්ෂා කර, මත්කුඩු ග්‍රෑම් 50 ක් තිබූ බවට නඩු පවරන බවට බොරු චෝදනා කර, ඊට නඩු නොදමා සිටීමට රු.500,000/- (රුපියල් ලක්ෂ පහක) මුදලක් ඉල්ලා ඇත.
පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් දෙමටගොඩ, කොළොන්නාව පාරේ පවත්වාගෙන යනු ලබන ආයතනයක 2025 වර්ෂයට අදාළ බදු නිශ්කාෂන වාර්තාව ලබා ගැනීමට කටයුතු කිරීමේ දී පසුගිය වර්ෂයන් සඳහා රුපියල් 1,100,000/- (රුපියල් ලක්ෂ එකළොහ)ක හිඟ බදු මුදලක් ගෙවීමට ඇති බව දන්වා, එය ඉවත් කර, 2025 වර්ෂයට අදාළව නිශ්කාෂණ වාර්තාව ලබා දීම වෙනුවෙන් රුග100,000/- (රුපියල් ලක්ෂයක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත. එම මුදල රු.50,000/- (රුපියල් පනස්දහස) දක්වා අඩුකර, එකී අඩු කළ මුදලින් රු.42,000/-ක (රුපියල් හතළිස් දෙදහසක) මුදලක් 2025.07.03 වන දින ද, ඉතිරි රු.8,000/- ක (රුපියල් අටදහස) මුදල 2025.07.07 වන දින අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ දී ජාවත්ත පාරේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර ශාඛාවේ, නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වන කේ.සී.කේ.කුමාර යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.07.07 වන දින ප.ව.3.08ට පමණ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදාළ කාර්යාලයේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954