පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, මහවැලි බී කලාපයට අයත් මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි ජයමිණියාය වැවේ රොන් මඩ ඉවත් කර, එම රොන් මඩ නිස්සාරණය කර වැලි විකිණීමේ ව්‍යාපෘතියක් සඳහා පැමිණිලිකරුට හිමි පුද්ගලික සමාගම නමින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ලබා ගත යුතු බලපත්‍රය ලබා දීම සඳහා රු. 1,500,000/- ක (රුපියල් ලක්ෂ පහළොවක) අල්ලස් මුදලක් තුටු පඬුරක් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කරඩියනාරු ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකරුවකුවන ව්‍යාපාරිකයකු, මඩකලපුව ලංකා බැංකු නගර ශාඛාව ඉදිරිපිට දී සහ රාජ්‍ය අමාත්‍යවරයකුගේ පුද්ගලික ලේකම්වරයකු, එම අමාත්‍යවරයාගේ මඩකලපුව පිහිටි කාර්යාලයේ දී 2024.08.01 දින පස්වරු 12.30 – 12.40 අතර කාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
දූෂණ චෝදනා සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනයකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට
මාර්තු 27 2025
රජයේ රැකියා ලබාදෙන බවට පවසා අල්ලස් ලබාගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා අත්අඩංගුවට
මාර්තු 27 2025