රු. 3,000/- ක (තුන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

බිබිල, මැදගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අත්අඩංගුවට ගන්නා ලද රා ප්‍රමාණය අඩුවෙන් සඳහන් කර අධිකරණයට කරුණු වාර්තා කිරීමටත්, අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ පෙර වැරදි සඳහන් නොකිරීමට සහ ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා රු. 3,000/- ක (තුන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත බිබිල, මැදගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු 2024.07.30 වන දින ප.ව.4.15 ට පමණ මැදගම, නගරයේ පොදු වෙළඳ පොලෙහි ඇති පැමිණිලිකරුගේ කඩ කාමරය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search