2020.10.12 වන දින ලද පැමිණිල්ලකට අනුව කටයුතු කළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් 13.10.2020 දින සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නියාමන හා වැඩ ආවරණ) රු.25000/- ක් වූ මුදලක් තුටු පඩුරක් භාර ගැනීමේදී එම කාර්යාලය තුළදී අත්අඩංගුවට ගන්නා ලදී. පැමිණිලිකරු විසින් විකිනීමට ඉදිකරන ලද බද්ධ නිවාස 02ක් වෙනුවෙන් සහාධිපත්‍ය සහතිකය ලබා දීමට සැකකරු විසින් රු.25,000/- අල්ලස ඉල්ලා ඇත.