රුපියල් 200,000/- ක අල්ලස් මුදලක් ලබා ගැනීමකදී කොට්ටාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරයෙක් සහ හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඇල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව රුපියල් 200,000/- ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී සම්බන්ධව කොට්ටාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරයෙක් සහ හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයෙක් කොට්ටාව මංසන්ධිය අසල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2024.05.08 දින ප.ව. 7.25 ත් - ප.ව. 8.35 ත් අතර කාලසීමාවේදී අත්අඩංගුවට ගන්නා ලදී.

පැමිණිලිකරුගේ යතුරු පැදිය පොලිස් භාරයට ගෙන, එම යතුරු පැදිය යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට නඩු පවරන බව පවසා, එලෙස නඩු නොපවරා සිටීම වෙනුවෙන් සහ යතුරු පැදිය ආපසු ලබාදීමට රුපියල් ලක්‍ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, පළමුව ඉන් රුපියල් 70,000/- ක් එම අවස්ථාවේදීම ලබාගෙන ඇත. ඉතිරි මුදලින් රුපියල් 200,000/- ක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට පත් විය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search