කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරු විසින් බලාගන්නා නිවස පරීක්ෂාකර, පැමිණිලිකරුට අයත් රු. එක්කෝටි විසි ලක්ෂයක (රු.12,000,000) ක හා ඩොලර් තුන්දහස් පන්සියයක (3,500)ක මුදලක් (පැමිණිලිකරුට විරුද්ධව විමර්ශනයක් පවතින බව දන්වා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස සඳහන් කරමින් රැගෙන ගොස් ඇත. පසුව පැමිණ එම නිවසේ සේවයට සිටි ඉන්දියන් ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ගොස් පසුව පැමිණිලිකරුගේ දුරකතනයට ඇමතුම් ලබා ගෙන ඔහුට විරුද්ධ විමර්ශනයට උදව් කිරීමට සහ රැගෙන යන ලද විදේශ ගමන් බලපත්‍රය නැවත ලබා දීමට රුපියල් කෝටි 04ක් අල්ලස් වශයෙන් ඉල්ලා අදාළ මුදල රුපියල් කෝටි 3 ½ක් දක්වා අඩුකර මුල් කොටස ලෙස රුපියල් කෝටියක (රු.10,000,000) මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ඳව සැකකරුවන් තිදෙනෙකු හා එක් සැකකාරියක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් 2024.04.29 වන දින ප.ව. 3.30 ට පමණ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 04 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු.10,000/-ක (රුපියල් දස දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 29 2025








