රුපියල් 5,000/= ක (පන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ක්වාසි විනිසුරු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

පුත්තලම, වෙට්ටාලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ක්වාසි උසාවියේ ලබා දී ඇති දික්කසාද නඩු තීන්දුවකට අදාළව, දික්කසාද සහතිකය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කර, එම සහතිකය ලබා දීම සඳහා රුපියල් 5,000/=ක (පන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත පුත්තලම, ක්වාසි උසාවියේ, ක්වාසි විනිසුරුවරයෙකු 2024.04.23 වන දින ප.ව 02.30ට පමණ පුත්තලම, ක්වාසි උසාවිය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. 

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search