රුපියල් 10,000/-ක (දස දහසක) මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

යගිරල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව රුපියල් 10,000/-ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධව ඉත්තෑපාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් එම පොලිස් ස්ථානය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2024.02.26 දින ප.ව. 3.40ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.

පැමිණිලිකරුගේ රථවාහන නඩුවක් සම්බන්ධයෙන් භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබා දීමට හා එම බලපත්‍රය නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් ද යන්න පරීක්ෂාකර බලා ඒ සඳහා නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10,000/-ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබා ගැනීම හා ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්වීය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search