නව දූෂණ විරෝධී පනත මගින් පැවරුණු බලතල අනුව, පුද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධ පළමු වැටලීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කෙරේ

මෙතෙක් කලක් රාජ්‍ය අංශයේ අල්ලස් හෝ දූෂණ සම්බන්ධව කටයුතු කිරීමට පමණක් පැවති බලතල අභිබවමින් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත මගින් පුද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලතල හිමිවීය. ඒ අනුව, පුද්ගලික අංශයේ අල්ලස් වරදක් සම්බන්ධයෙන් පළමු වැටලීම 2024.01.26 වන දින කොමිෂන් සභාවේ අනුමැතිය මත සිදු කරන ලදි.

මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පුද්ගලික හෝටලයක සේවය කරනු ලබන පැමිණිලිකාරියට දැනට ගෙවනු ලබන 75%ක සේවා ගාස්තු මුදල සම්පූර්ණයෙන් ගෙවීමට හා උසස් නිලධාරීන් මගින් ඉදිරියේ දී ඇයගේ සේවය ස්ථිර කර දීමට කටයුතු කිරීමට ද, කරදරයකින් තොරව රැකියාව කරගෙන යාමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා ලිංගික අල්ලසක් ඉල්ලා ලිංගිකව හැසිරීම සඳහා පුද්ගලික හෝටලයක කාමරයක් වෙත පැමිණිලිකාරිය කැඳවාගෙන ගොස් ලිංගිකව හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල, පුද්ගලික හෝටලයක ගණකාධිකාරී සහ මානව සම්පත් කළමණාකාරවරයෙකු 2024.01.26 වන දින හබරණ ප්‍රදේශයේ පුද්ගලික හෝටලයක් තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search