නාරම්මල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ නිවස පරීක්ෂා කර අත්අඩංගුවට ගන්නා ලද නීති විරෝධී මත්පැන් වන කසිප්පු, නඩු නොදමා අඩු ප්‍රමාණයකට නඩු පැවරීම වෙනුවෙන් සහ ඉදිරියට කසිප්පු විකිණීමේ කටයුතු සිදු කරගෙන යන ලෙස දන්වා, ඒ සඳහා නීති මගින් කටයුතු නොකර සිටීමට යැයි පවසා රුපියල් 10,000/= ක (දහදාහක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු 2024.01.16 වන පැය 18.40ට පමණ නාරම්මල ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 09 2026
2026 වර්ෂයට අදාළව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය මඟින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම
පෙබරවාරි 04 2026
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත යූ.ඩී.එම්.සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 04 2026








