මින්නේරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හිඟුරක්ගොඩ දිසා අධිකරණයේ දී 2024.07.31 වන දින විභාග වීමට නියමිත නඩුවක් වසර දෙකකින් පසුව අධිකරණයේ කැඳවීමට අවශ්‍ය කටයුතු සලසා දීම වෙනුවෙන් රු. 25,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල රු. 20,000/- ක් දක්වා අඩුකර ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත හිඟුරක්ගොඩ දිසා/මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි බෙදන සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන පුද්ගලයා 2024.07.03 වන දින පෙ.ව. 11.20 ට පමණ මින්නේරිය පංචකර්ම රෝහලේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.







