කොක්කඩිචෝලේ පොලිස් ස්ථානාධිපති රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී ඊයේ සවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.
කොක්කඩිචෝලේ පොලිස් ස්ථානාධිපති රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී ඊයේ සවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.
රජයේ සහනාධාර යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වගා ලිඳක් ඉදිකර ගැනීමට ලබාදෙන සහනාධාර මුදල් වන රු.170,000 ක මුදලින් මුල් වාරික මුදල සඳහා රු.55,000 ක වවුචර් පතක් ලබා දී ඉතිරි සහනාධාර මුදල් කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීමට රු.10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී මෙම කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න ලදී.
පැමිණිලිකරු විසින් කපා ගන්නා ලද ගස් කිහිපයක් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රය ලබාදීමට අදාළ නිර්දේශය ලබාදීම සඳහා පැමිණිලිකරු ගෙන් රුපියල් 5,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිළධාරී වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලයලත් විමර්ශන නිළධාරීන් විසින් 2018.01.03 වන දින අත් අඩංගුවට ගෙන ඇත.
බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපති විසින් වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකුගෙන් නැවත සේවයේ පිහිටුවීම සඳහා අවශ්‍ය නිර්දේශය ලබා දිමට ඒ වෙනුවෙන් රුපියල් 150,000 ක මුදලක් ඉල්ල එය රුපියල් ලක්ෂයකට අඩුකර ඉන් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල 2018-12-19 දින ලබා ගත් අවස්ථාවේදී , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරු වන ටී.එල්.මහමුද් රව්ෆ් යන අය පදිංචි මහවැලි අධිකාරියට අයත් ඉඩමට අවශ්‍ය ඉඩම් බලපත්‍රය ලබා ගැනීම සදහා මහවැලි ඒකක කළමනාකරුගේ නිර්දේශය ලබා දීමට වැලිකන්ද සිංහපුර මුතු වැල්ල මහවැලි ඒකක කළමනාකරු විසින් රුපියල් විසිදහසක ( 20,000/- ) ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල 2018.10.19 වන දින ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුත්තු විනයාගම් හා ඔහුට අයත් සමාගමක ගිණුම් සහකාරවරයකු කටුගස්තොට ප්‍රදේශයේ වියාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගනිද්දී ඔක්තෝබර් 05 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න ලදී.
පැමිණිලිකරු වසර දහයක් පැරණි වාහන දෙකක් නිත්‍යානුකූලව ජපානයෙන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාදීම වෙනුවෙන් ආනයන අපනයන පාලක නිලධාරියෙකු විසින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබානොදුන හොත් නිර්දේශකර දුන් බලපත්‍රය අවලංගු කරන බව පවසා, එම රුපියල් ලක්ෂ දෙකක මුදල 2018.07.20 වන දින ඉල්ලා ලබා ගත අවස්ථාවේදී,අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරුගේ කල්කුඩා ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත ගඩොල් කැපීමේ ව්‍යාපාරය සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබාගත යුතු පාරිසරික බලපත්‍රය ලබා ගැනීම සඳහා කල්කුඩා පොලිස් ස්ථානයෙන් ලබා ගත යුතු වාර්තාව ලබාදීමට රු.500,000/- ක් මුදලක් ඉල්ලා ඉන් කොටසක් ලෙස රු.300,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලදී
පැමිණිලිකාරියගේ පුරුෂයා නීතිවිරෝධී මත්පෙති ළඟ තබා ගත් බවට, චෝදනා කොට අත්අඩංගුවට ගෙන මත්පෙති සම්බන්ධයෙන් නඩු නොදමා , වෙනත් චෝදනාවකට නඩු පවරන බව පවසා , ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 60ක මුදලක් ඉල්ලා ඉන් රු.2,920,000/- ක මුදලක් පළමුව ලබාගෙන ඉතිරිය මුදලින් රු.ලක්ශ10ක මුදලක් 2018.06.08 වන දින අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
“ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්”“ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්”
පැමිණිලිකරුට අයත් ඉඩමක මායිම් සැළැස්ම අනුමත කර දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 15,000/= ක මුදලක් අවස්ථා 03 කදී ලබාගෙන නැවතත් එම ඉඩමේ කට්ටි සැළැස්ම අනුමත කිරීමට ගොණුව සැළසුම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ, සැළසුම් නිළධාරියෙකු විසින් රුපියල් 40,000/= ක් වූ මුදලක් ඉල්ලා පසුව එම මුදල රුපියල් 15,000/= ක් දක්වා අඩුකර අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලයලත් විමර්ශන නිළධාරීන් විසින් 2018.04.04 වන දින අත් අඩංගුවට ගෙන ඇත.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පැමිණිලිකරු රැඳී සිටියදී පරීක්ෂා කර බලා නීති විරෝධී කටයුත්තක් සිදුකිරීමට පැමිණි බවට චෝදනා කර, ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට රු. 20,000/= ක මුදලක් ඉල්ලා, පැමිණිලිකරුගේ ජංගම දුරකථනය හා ජාතික හැඳුනුම්පත පොලිස් නිළධාරියා භාරයට ගෙන, පළමුව රු. 10,000/= ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන පැමිණිලිකරුට ජාතික හැඳුනුම්පත හා ජංගම දුරකථනය නැවත ලබාදුන් අවස්ථාවේ කොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් 74317 ගීකියනගේ නිලූක පෙරේරා යන අය අල්ලස් චෝදනාවක් යටතේ මෙම කොමිසන් සභාවේ නිළධාරීන් විසින් 2018.04.09 දින අත් අඩංඟුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954