රු.30,000/= මුදලක් අල්ලස් ලෙස ලබා ගත් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු.30,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයකු 2022.09.12 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට
ගනු ලැබීය.

කඩවත නගරයේදී ත්‍රීරෝද රථයක කැබින් එකක් විනාශ කිරීම සම්බන්ධයෙන්, නගර වැසියන් විසින් අල්ලා, කඩවත පොලිස් ස්ථානය වෙත භාරදෙන ලද පැමිණිලිකාරියගේ පුතා හට ඉහත කාරණය සම්බන්ධයෙන් හා මත්කුඩු සම්බන්ධයෙන් 54 වන වගන්තිය යටතේ නඩු නොදා, සුළු නඩුවක් දමා අඩු දඩයකට යටත් කරදීම වෙනුවෙන් සැකකාර නිලධාරියා විසින් මුලින් රු.60,000/= ඉල්ලා, පසුව එම මුදල රු.30,000/= දක්වා අඩු කර ඇති අතර, එම රු.30,000 මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී අදාළ සැකකරු කඩවත පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේදී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search