රු.50,000/= මුදලක් අල්ලස් ලෙස ලබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු.50,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත දේශපාලන කටයුතු වල නියැලෙන, යාපනය දිස්ත්‍රික් එක්සත් ශ්‍රී ලංකා දිස්ත්‍රික් සංවිධායක හා සාමදාන විනිශ්චයකාර වරයකු (මුළු දිවයිනටම) 2022.09.06 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකාරිය හට රජයේ රැකියාවක් ලබා දීම සඳහා සැකකාර දිස්ත්‍රික් සංවිධායක විසින් මුලින් රු.150,000/= මුදලක් හා ලිංගික අල්ලසක් ඉල්ලා, පසුව එම මුදල රු.50,000/= දක්වා අඩු කර ඇති අතර, එම රු.50,000 මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී අදාළ සැකකරු හා එම අල්ලස් මුදල ලබා ගැනීමට අධාර අනුබල දීම හේතුවෙන් අනෙක් සැකකරු පිටකොටුව පුද්ගලික බස් නැවතුම්පොළ ඉදිරිපිට වූ පාවෙන වෙළද සංකීර්ණයේ තෙස්ටා බේක්හවුස් අවන්හළ තුළදී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search