රු.5000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් ග්‍රාම නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 5000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කන්දේවත්ත වසමේ ග්‍රාම නිලධාරි (පියදිගම වසමේ වැඩ බලන ග්‍රාම නිලධාරි) 2022.09.02 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු විසින් මිලදී ගන්නා ලද කොස් කඳන් කිහිපයක් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන බලපත්‍ර සකස් කරගැනීම වෙනුවෙන්, එම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී පියදිගම, සුදර්ශනාරාම විහාරස්ථානයේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search