අල්ලස් ලබා ගත් හිටපු කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 60,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත D – 43, සෝනුත්ත ගොවි සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරන හිටපු කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයකු 2022.10.25 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකාරිය හා පවුලේ අය විසින් දැනට භුක්ති විඳිමින් සිටින සෝනුත්ත ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ගොඩ සහ මඩ ඉඩම් කොටස් දෙක වෙනුවෙන් ඔප්පු සකස් කිරීමට කටයුතු කිරීමේදී, අදාළ ඉඩම භුක්ති විඳිමින් සිටින බවට තහවුරු කෙරෙන ලිපියක්, මහියංගනය ඉඩම් කොමසාරිස් කාර්යාලයට ලබා දීම සඳහා මුලින් රු.50,000/- ඉල්ලා, විටින් විට එම මුදල ලබා ගෙන ඇත. පසුව නැවත එම ලිපිය ලබා දීමට හා ගොවිජන සංවර්ධන නිලධාරිගේ ලිපිය ද ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කර, උපකාර කිරීම සඳහා ඉහත සැකකරු විසින් නැවතත් රු.60,000/- මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර, එම රු.60,000/- මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී හෙට්ටිපොල මහජන බැංකුව අසල දී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search