රු.10,000/= මුදලක් අල්ලස් ලෙස ලබා ගත් ග්‍රාම නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 10,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත නොච්චියාගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන අංක 333, කුසුම්පුර වසමේ ග්‍රාම නිලධාරිවරයා 2022.09.22 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බලපත්‍රයක් නොමැතිව ජංගම ඉරුම් පට්ටලයක් කරදරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා සහ ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීම වෙනුවෙන්, සැකකරු විසින් එම රු.10,000/- මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී අංක 113, පුත්තලම පාර, නොච්චියාගම ලිපිනයේ පිහිටි නිව් ලංකා ටී රූම් හෝටලය ඉදිරිපිටදී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search