රු.5000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් සුරාබදු නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු.5000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත පාදුක්ක, ගලගෙදර සුරාබදු කාර්යාලයේ සේවය කරනු ලබන සුරාබදු නිලධාරියකු 2022.0‍9.16 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන නීති විරෝධී මත්පැන් (කසිප්පු) වෙළඳාම සිදු කරගෙන යාම සඳහා නීති මගින් කටයුතු නොකර, ඒ සඳහා සහයෝගය දැක්වීම වෙනුවෙන්, අල්ලස් වශයෙන් රු.5000/= බැගින් අවස්ථා කිහිපයක් සැකකරු විසින් මුදල් ලබාගෙන ඇත. 2022 සැප්තැම්බර් මාසයට අදාළව ද, ඉහත කටයුතු කර දීම සඳහා අල්ලස් වශයෙන් රු.5000/- මුදල ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී, අංක 54/1, බෙලිඅත්තවිල, කහවල, පාදුක්ක ලිපිනයට අයත් නිවස ඉදිරිපිටදී සැකකරු මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search