පුද්ගලික රක්ෂණ සමාගමක වාහන පරීක්ෂා කර ඊට අදාළ වාර්තාවන් ලබාදීම වෙනුවෙන් එම සමාගමේ නිලධාරීන් විසින් පිරිනමන ලද රු.6,415,050/- (රුපියල් හැට හතර ලක්ෂ පහළොස්දහස් පනහ)ක අල්ලස් මුදලක් භාරගෙන නිත්‍යනුකූල නොවන ආකාරයට රස පරීක්ෂක වාර්තා ලබා දී එම සමාගමට අයුතු ලාභයක් සලසා රජයට අයුතු අලාභයක් සිදු කර රජයේ සේවකයෙකු ලෙස තුටු පඬුරු භාරගැනීම සහ දුෂණය යන වරද සිදුකිරීම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාළව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළ, විශ්‍රාමික අතිරේක රස පරීක්ෂකයෙකු වන ඩී.එච්.එල්.ඩබ්.ජයමාන්න නැමැත්තා 2025.12.05 වන දින ප.ව.12.20ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.







