මින්නේරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හිඟුරක්ගොඩ දිසා අධිකරණයේ දී 2024.07.31 වන දින විභාග වීමට නියමිත නඩුවක් වසර දෙකකින් පසුව අධිකරණයේ කැඳවීමට අවශ්‍ය කටයුතු සලසා දීම වෙනුවෙන් රු. 25,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල රු. 20,000/- ක් දක්වා අඩුකර ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත හිඟුරක්ගොඩ දිසා/මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි බෙදන සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන පුද්ගලයා 2024.07.03 වන දින පෙ.ව. 11.20 ට පමණ මින්නේරිය පංචකර්ම රෝහලේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
අල්ලස් ලබාගැනීම පිළිබඳ වරදකරුවෙකු වූ සුරාබදු නිලධාරියාගේ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
නොවැම්බර් 10 2024
රිය අනතුරකට අදාළව ඇප ලබාගැනීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ තෝල්කයාට සහ ගරු මහේස්ත්රාත්තුමාට ලබා දීමට යැයි අල්ලස් ලබාගත් සැකකරු වරද පිළිගනී
නොවැම්බර් 10 2024
උතුරු මැද හා වයඹ පළාත් කම්කරු නිලධාරින් සඳහා වන දුෂණ නිවාරණ වැඩසටහන
ඔක්තෝබර් 16 2024
“අඩිතාලම” - අපේ සුසැදි දෙස අපි ගොඩනංවමු” ලෝක ළමා දින සැමරුම
ඔක්තෝබර් 15 2024
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 150,000/- ක (එක්ලක්ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 10 2024
රුපියල් 20,000/= ක (විසිදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ගම්පොළ ප්‍රදේශයේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 25 2024