කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකාරිය පදිංචි ඉඩමේ පිහිටි නිවසේ සැලැස්ම ප්‍රාදේශීය සභාවෙන් අනුමත නොකර ඉදිකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු සිදුකර නීති මගින් කටයුතු කිරීමට හෝ කඩා ඉවත් කිරීමට හැකි බව පවසා, ඒ සම්බන්ධව තාක්ෂණික නිලධාරීයාට ද දන්වා සැලසුම අනුමත නොකර ඉදිකර ඇති නිවසට නීති මගින් කටයුතු නොකර සිටීමට හා කඩා ඉවත් නොකිරීමට අල්ලස් ලෙස මුදලින් රු. 350,000/- ක මුදලක් ඉල්ලා එම මුදල පසුව රු. 100,000/- ක් දක්වා අඩුකර නැවත එම මුදල රු. 60,000/- දක්වා අඩුකර අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම මත කරච්චි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙක් 2024.09.03 වන දින පෙ.ව. 11.18 ට පමණ පැමිණිලිකාරියගේ නිවස ඉදිරිපිට දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025