මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුට අයත් යතුරු පැදිය අධිකරණය වෙත ඉදිරිපත් නොකර නැවත පැමිණිලිකරුහට ලබාදීම වෙනුවෙන් රු.20,000/- (රුපියල් විසිදහස) ක අල්ලස් මුදලක් තුටු පඬුරක් වශයෙන් පළවෙනි සැකකරුගේ දැනුම්දීම මත දෙවෙනි සැකකරු මාර්ගයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත පොලිස් සැරයන්වරයෙකු සහ ආදාහනාගාර කම්කරුවෙකු 2024.08.29 වන දින ප.ව 7.55ට සහ ප.ව.7.35 ට පමණ පළමු සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂක මුර කුටියේ දී සහ දෙවෙනි සැකකරු මතුගම පොලිස්ථානය අසල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025