කැකිරාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුට අයත් කැකිරාව නගර මධ්‍යයේ ඇති වෙළඳ සැලෙහි බදු ඔප්පුව පැමිණිලිකරුගේ නමින් වෙනස් කර දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා, මුලින්ම රුපියල් ලක්ෂ 5 ක මුදලක් ඉල්ලා එකී මුදල රු. ලක්ෂ 4 දක්වා අඩු කර එම මුදල කොටස් දෙකකට ගෙවීමට එකඟ වී, මුල් කොටස වශයෙන් රු. ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරිවරයෙකු 2024.07.22 වන දින පෙ.ව. 11.25 ට පමණ කැකිරාව ප්‍රදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රුපියල් 270,000/- ක අල්ලස් ලබාගත් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
දෙසැම්බර් 02 2024
රු. 150,000/- ක (එක්ලක්ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 10 2024