අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 5000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත ගාල්ල, කඩවත්සතර ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කන්දේවත්ත වසමේ ග්රාම නිලධාරි (පියදිගම වසමේ වැඩ බලන ග්රාම නිලධාරි) 2022.09.02 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.







