පැමිණිලිකරු වසර දහයක් පැරණි වාහන දෙකක් නිත්‍යානුකූලව ජපානයෙන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාදීම වෙනුවෙන් ආනයන අපනයන පාලක නිලධාරියෙකු විසින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබානොදුන හොත් නිර්දේශකර දුන් බලපත්‍රය අවලංගු කරන බව පවසා, එම රුපියල් ලක්ෂ දෙකක මුදල 2018.07.20 වන දින ඉල්ලා ලබා ගත අවස්ථාවේදී,අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.