ගෝනපොල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාව මත හොරණ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක් 2020.08.26 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින. පැමිණිලිකාරියගේ පුතාගේ නැති වු, යතුරු පැදිය සම්බන්ධව කරන ලද පැමිණිල්ලේ පිටපතක් පැමිණිලිකාරියට ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් ලිංගික අල්ලස් ඉල්ලා ලබා ගැනීමට තැත්කිරීමේදී ඉංගිරිය, නම්බපාන ප්‍රදේශයේදී මෙසේ අත් අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රුපියල් 5,000/= ක (පන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ක්වාසි විනිසුරු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
අප්‍රේල් 26 2024
රුපියල් 10,000/-ක (දස දහසක) මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
පෙබරවාරි 27 2024