රු. 5000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් ජල මනු කියවන්නෙක් හා අල්ලස් මුදල් ලබා ගැනීමට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

කැලණිය, නාතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකගෙන් ලද පැමිණිල්ලකට අනුව රු. 5000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ජල සම්පාදන මණ්ඩලයේ කඩවත උප ඒකකයට  අයත් මනු කියවන්නෙක් හා අල්ලස් මුදල් ලබා ගැනීමට අනුබල දුන් ජල සම්පාදන මණ්ඩලයේ සේවය කර විශ්‍රාම ලබා  ඇති පුද්ගලයෙකු 2020.10.06 වන දින පැමිණිලිකාරියගේ නිවසේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකාරියගේ නිවසට ලැබී ඇති 2020 සැප්තැම්බර් මසට අදාල ජල බිල්පතෙහි එම මාසෙට අදාල මුදල හා  අය විය යුතු මුලු මුදල අඩුකර ජල මීටරය ඒකක 77කින් අඩුකර ගෙවීය යුතු මුදල අඩු කිරීම සඳහා රු. 5000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search