කණුපැලැල්ල,බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රු. 300000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත බණ්ඩාරවෙල පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙක් 2020.10.06 වන දින වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය අසල ඇති ආපනශාලාව තුලදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.
වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් පවතින නඩුවක 12 වන චූදිත ලෙස පැමිණිලිකරු නම්කර ඇති අතර එයින් නිදහස්කර රජයේ සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කිරීමට සහ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකටද පැමිණිලිකරුගේ සම්බන්ධයක් ඇති බව පවසා එම නඩුවෙන්ද සැකකරුවෙකු ලෙස නම් නොකර රජයේ සාක්ෂිකරුවකු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රු. 300000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
නව කොමිෂන් සභාව වැඩ භාර ගැනීම
දෙසැම්බර් 11 2020
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සමරමින් 2020 දෙසැම්බර් 9 - අඛණ්ඩතාවයෙන් යථා තත්ත්වයට පත් වීමට
දෙසැම්බර් 09 2020
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ තනතුරු පුරප්පාඩු පිරවීම
නොවැම්බර් 12 2020
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය රිදී අංශයෙන් හොදම රාජ්‍ය වෙබ් අඩවිය විය
ඔක්තෝබර් 01 2020
ජාතික රුක් රෝපන වැඩසටහන 2020 ජනවාරි 1
ජනවාරි 02 2020
හඳුනා ගැනීම් හා වැටලීම්
වරදකරු කිරීම්
අල්ලස් චෝදනා ලැබ සිටි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් නිලධාරියෙකු වරදකරු වේ
සැප්තැම්බර් 25 2020
රු. 5,000/= ක අල්ලස් ගත් කළමනාකරණ සහකාර හිරේ
ජූලි 01 2020