බන්ධනාගාර නිලධාරින් සඳහා වන පුහුණු වැඩසටහන් මාලාවේ පස්වන වැඩමුළුවෙහි දූෂණ නිවාරණය පිළිබඳව වූ පුහුණු වැඩමුළුව

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නියාමක නිලධාරින් සඳහා ධාරිතා සංවර්ධනය කිරීමේ පුහුණු වැඩමුළු මාලාවක් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නව පුහුණු මධ්‍යස්ථානයේ දී එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කරමින් පවතී. එම වැඩසටහන් මාලාවේ පස්වන වැඩසටහන යටතේ දූෂණ නිවාරණය පිළිබඳ පුහුණු වැඩසටහන 2024 ජූනි 03 වන දින අල්ලස් හා දූෂණ නිවාරණය සඳහා එක් දින පුහුණු වැඩසටහනක් ලෙස වෙන් කර තිබිණි. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය හා පොලිස් පරීක්‍ෂක යූ.පී. වික්‍රමාරච්චි මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය හා අයතා වත්කම් රැස් කිරීමට අදාළ නව නීතිමය විධිවිධාන හා ඒ සම්බන්ධයෙන් ඔවුනට පවතින ගැටළු පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

 45 1

 45 1

 45 1

 45 1

 45 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search