“පාසල් තුළ සුපිළිපන්න සමාජ පිහිටු වීමේ වැඩසටහන - 2024” යාපනය දිස්ත්‍රික්කය

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව(CIABOC) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් සංවිධානය කරනු ලබන “අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කරමු” මැයෙන් ශිෂ්‍ය නායක පුහුණු වැඩසටහනක් 2024 ජුනි 20 වන දින යාපනයේ ග්‍රීන් ග්‍රාස් හෝටලයේදී පැවැත්විණි.

යාපනය දිස්ත්‍රික්කයේ සහකාර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඒ. සුභාහරන් මහතා හා උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සී. ජෝන් ක්වින්ටන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය හින්දු පිරිමි විද්‍යාලය, හින්දු කාන්තා විද්‍යාලය, ස්කන්ධවරෝදය පාසල, හාර්ට්ලි පාසල හා චාවකච්චේරි හින්දු විදුහල නියෝජනය කරමින් සිසුසිසුවියන් හා ගුරු භවතුන් 100 දෙනෙකු සඳහා මෙම වැඩසටහන දියත් කෙරුණි.

මෙහිදී සුපිළිපන්නභාවය වර්ධනය කිරීම සහ එහි ප්‍රායෝගික භාවිතය, මනුෂ්‍යත්වය, නායකත්ව ගුණාංග හා සුපිළිපන්න කමිටු පිහිටුවීම පිලිබඳ විග්‍රහයක් සිදු කිරීම සහ හැකියා ප්‍රදර්ශනය ඔප් නැංවීම මගින් දරුවන් තුල සුපිළිපන්න නායකත්වයක් වර්ධනය සහ අදාළ සංකල්ප කා වැද්දවීම යන අරමුණු මූලික කොට ගනිමින් දිනය පුරා දමිළ බසින් මෙම වැඩසටහන පවත්වන ලදී.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් දුෂ්මන්ති රාජපක්ෂ මහත්මියගේ මගපෙන්වීම යටතේ දේශක මොහොමඩ් ෆිර්තවුස් මහතා, සහකාර අධ්‍යක්‍ෂ නීති එස්.එම්. ශබ්රි මහතා හා කළමනාකරණ සේවා නිලධාරි එම්.එම්.එම්. සෆ්වාන් මහතා සම්පත් දායකත්වය ලබා දුන් අතර දූෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය එහි සංවිධාන කටයුතුත්, තොරතුරු තාක්ෂණ සහය තොරතුරු තාක්ෂණ නිලධාරි දුලාජ් විජේවර්ධන මහතා විසිනුත් සිදු කරන ලදී.

44 1

44 1

44 1

44 1

44 1

44 1

44 1

44 1

44 1

44 1

44 1

44 1

44 1

44 1

44 1

44 1

44 1

44 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search