කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවැත්වූ නිවාරණ වැඩසටහන

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන නිවාරණ වැඩසටහනක් 2024 ජූලි මස 15 වන දින කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී සාර්ථක ව සිදු කරන ලදි. මෙම සේවාරම්භක වැඩසටහන සඳහා නවක පත්වීම් ලද පොලිස් නිලධාරීන් 117 දෙනෙකු සහභාගී වූ අතර මෙම කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති), සාල්ඩීන් එම්. සබ්රි මහතා සහ විමර්ශන නිලධාරී මොහොමඩ් ඉර්ෆාන් මහතා විසින් එම වැඩසටහන පවත්වන ලදි. එහි දී දූෂණ විරෝධී නීතිය පිලිබඳ ව මෙන් ම අල්ලස හා දූෂණය නිවාරණය කිරීම හා ඒවායේ ප්‍රායෝගික භාවිතයන් පිලිබඳ ව රැස්ව සිටි පිරිස දැනුවත් කරන ලදි. කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපති සිවනාන්දන් මහතා ද පිලිගැනීමේ කතාව සහ ස්තූති කථාව සිදු කරමින් රැස්ව සිටි පිරිස ඇමතුවේය. සහභාගී වූ පිරිස මෙහි දී සිය අත්දැකීම් ද හුවමාරු කර ගත් අතර අල්ලස හා දූෂණය මඩිමින් සිය රාජකාරිය ඉටුකිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සම්පත් දායකයින් විසින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් ඔවුන්ට ලබා දුන්හ.

47 1

47 1

47 1

47 1

47 1

47 1

47 1

47 1

47 1

47 1

47 1

47 1

47 1

47 1

47 1

47 1

47 1

47 1

47 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search