විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂිත කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි

විශ්වවිද්‍යාල ප්‍රජාව අල්ලස, දූෂණය සහ සුපිළිපන්නභාවය පිළිබඳව දැනුවත් කිරීම සහ බල ගැන්වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර පැවැති විශේෂ සාකච්ඡාව 2024 ජූලි මස 15 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කුඩා ශ්‍රවනාගාරයේ දී සාර්ථක ලෙස පැවැත්විණි.

අල්ලසින් හා දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා විවිධ නිවාරණ මානයන් උපයෝගී කර ගත යුතු හෙයින්, එය විශ්වවිද්‍යාල ප්‍රජාව මඟින් අනාගත ලෝකයට සම්ප්‍රේෂණය කිරීම උදෙසා විවිධ යෝජනාවන් සාකච්ඡාවට ගැනුණු අතර, එහි දී ප්‍රමුඛව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගරු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජ්‍ය ලේකම්තුමා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝජනය කරමින් ගරු කොමසාරිස් කේ. බර්නාඩ් රාජපක්ෂ මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්. වයි. ආර්. කේ. උඩවෙල මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිනි වික්‍රමසිංහ මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී සම්පත් ආරච්චිගේ මහතා, දූෂණ නිවාරණ නිලධාරිනී ඉෂානි විජේසූරිය මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරිනී රුශාන්ති දිල්ශානි මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරිනී නිපුනි තෙන්නකෝන් මහත්මිය සහභාගී විය.

48 1

48 1

48 1

48 1

48 1

48 1

48 1

48 1

48 1

48 1

48 1

48 1

48 1

48 1

48 1

48 1

48 1

48 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search