22 වන ජ්‍යෙෂ්ඨ පොලිස් රථ වාහන කළමනාකරණ පාඨමාලාවේ නිලධාරින් උදෙසා වන ධාරිතා සංවර්ධන වැඩසටහන් මාලාවේ අල්ලස් හා දූෂණ නිවාරණය සඳහා වූ වැඩසටහන පවත්වන ලදී

ශ්‍රී ලංකා පොලිසියේ රථ වාහන අංශයේ රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව -22 වන ජ්‍යෙෂ්ඨ පොලිස් රථ වාහන කළමනාකරණ පාඨමාලාව හදාරන පොලිස් නිලධාරින් 73 දෙනෙකු සඳහා අල්ලස් හා දූෂණ නිවාරණය පිළිබඳව වැඩසටහනක් 2024 අගෝස්තු 13 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි සම්පත් ආරච්චිගේ මහතා හා මදුකා රුවන්ති මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් සුපිළිපන්නභාවය යන සංකල්පය, රාජ්‍ය නිලධාරියාගේ කාර්යක්ෂමතාවය ,සඵලදායී බව සහ රාජ්‍ය නිලධාරියාගේ වගකීම, වගවීම පිළිබඳවත් 2023 අංක 09 දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය හා අයතා වත්කම් රැස් කිරීමට අදාළ නව නීතිමය විධිවිධාන හා ඒ සම්බන්ධයෙන් ඔවුනට පවතින ගැටළු පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

 49 1

 49 1

 49 1

 49 1

 49 1

 49 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search