අනුරාධපුර - කහටගස්දිගිලිය, කෝන් වැව සිද්ධාර්ථ විද්‍යාලයීය සිසු සිසුවියන් සඳහා නිවාරණ වැඩමුළුවක් පවත්වන ලදී

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරාධනයෙන්, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව(CIABOC) එක්ව සංවිධානය කරන ලද අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කිරීම උදෙසා පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් 2024 ඔක්තෝම්බර් මස 10 වන දින අනුරාධපුර, කහටගස්දිගිලිය කෝන් වැව සිද්ධාර්ථ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.

මෙම පාසල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක් සඳහා තෝරා ගන්නා ලද්දක් වන අතර මෙම වැඩසටහන සඳහා ආචාර්යවරුන් සිව්දෙනෙකු සහ විද්‍යාර්ථයින් ද, අනුරාධපුර, කහටගස්දිගිලිය කෝන් වැව සිද්ධාර්ථ විද්‍යාලය නියෝජනය කරමින් විදුහල්පති, ගුරු භවතුන් හා සිසුසිසුවියන් 150 දෙනෙකු ද සහභාගී විය.

සුපිළිපන්නභාවය වර්ධනය කිරීම සහ එහි ප්‍රායෝගික භාවිතය, අල්ලස හා දූෂණය පිළිබඳ නීතිමය තත්ත්වය නිර්මාණාත්මකව ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ග්‍රහණය කර ගත හැකි ආකාරයට ලබා දීම සහ හැකියා ප්‍රදර්ශනය ඔප් නැංවීම මඟින් දරුවන්ගේ සුපිළිපන්භාවය වර්ධනය සහ ඊට අදාළ සංකල්ප කා වැද්දවීම යන අරමුණු මූලික කොට ගනිමින් මෙම වැඩමුළුව පවත්වන ලදී.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ , දූෂණ නිවාරණ නිලධාරී සම්පත් ආරච්චිගේ මහතා, දූෂණ නිවාරණ නිලධාරී රුශාන්ති දිල්ශානි මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරී මධූකා රුවන්ති මහත්මිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන් අතර අනෙකුත් සහය, කාර්යාල කාර්ය සහයක නිලධාරි මසීර් මහතා විසින් ලබා දෙන ලදී.

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

52 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search